E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

"වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනය"

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය ප්‍රමිතීන් පිළිබඳ ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම සඳහා වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ජාතික ආයතනයක් පිහිටුවීම සඳහා ද; සේවායෝජකයන් සහ සේවාදායකයන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීම සඳහා සියලු සේවා ස්ථානවල වෘත්තීය ආරක්ෂණය සහ සෞඛ්‍ය පිළිබඳ පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා ද විධිවිධාන සැලැස්වීම පිණිස වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ නියෝග හතරක්

ඉහත විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"තහනම් කළ ධීවර ක්‍රම භාවිතය" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු පේමසිරි මානගේ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1524 ට 2009 පෙබරවාරි මස 19 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks