E   |     |  

සභාවේ කටයුතු


පනත් කෙටුම්පත් පිළිගැන්වීම "සත්ව (සංශෝධන)" පනත් කෙටුම්පත පශු සම්පත් සංවර්ධන අමාත්‍යතුමා විසින් 1958 අංක 29 දරන සත්ව පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත ඉදිරිපත් කරන ලදී. අද දින සභාවේ ප්‍රධාන කටයුතු විසර්ජන පනත් කෙටුම්පත (2009) - කාරක සභාව 2009 විසර්ජන පනත් කෙටුම්පතේ විසි දෙවැනි වෙන්කළ දිනය අදයි - "කාරක සභා අවස්ථාවේ විවාදය" - (ප්‍රගතිය දෙසැම්බර් 04) [අයවැය 2009] ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පනත යටතේ නියමය සභාව විසින් සම්මත කරන ලදී. (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 වශයෙන් සඳහන් වේ) සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව "'ලීඩර්' චිත්‍රපටයේ ඇතැම් දර්ශන වාරණය කිරීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු දයාසිරි ජයසේකර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. අනතුරුව, සභාව පැය 1718 ට 2008 දෙසැම්බර් මස 08 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks