පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ අමාත්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv) 2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.09.24 සිට 2021.11.17 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(v) පරිසර අමාත්‍යාංශයේ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු රංජිත් සියඹලාපිටිය මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු සිසිර ජයකොඩි මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
(i) විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2022) පනත් කෙටුම්පත - දසවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(ii) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තා (2013 හා 2014)
(iii) ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ වාර්ෂික වාර්තාව (2015)
(iv) සීමාසහිත ලංකා එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ වාර්ෂික වාර්තාව (2016)
(v) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම් ප්‍රකාශනය (2015)
(vi) සැලසිනේ රූපවාහිනී ආයතනයේ වාර්ෂික වාර්තාව (2016)
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“දුම්රිය සේවයෙන් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මිලාන් ජයතිලක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2021 නොවැම්බර් මස 26 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks