පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : කාන්තා මන්ත්‍රීන් සම්බන්ධයෙන් ගරු තිසකුට්ටි ආරච්චි මහතා විසින් කරන ලද අපහාසාත්මක ප්‍රකාශය පිළිබඳව ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මියගේ වරප්‍රසාද ප්‍රශ්නය
‘B’ : කාරක සභා අවස්ථාවේ විවාදයේදී අසුන් ගැනීම පිළිබඳව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv) 2022 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි යෝජිත වෙනස් කිරීම් ලැයිස්තුව
පෙත්සම් පිළිගැන්වීම
ගරු දුමින්ද දිසානායක මහතා
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
රක්ෂණ නියෝජිතයින් සඳහා සේවක වරප්‍රසාද
කම්කරු අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කිරීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන (2022) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2022) පනත් කෙටුම්පත - අටවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“දේශීය කර්මාන්ත නඟාසිටුවීම සඳහා වැඩ පිළිවෙළක් සකස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ගුණතිලක රාජපක්ෂ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 නොවැම්බර් මස 24 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks