බලන්න

E   |     |  

2021 ජූලි මස 06 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : “2019 කොරෝනා වෛරස් රෝගය (කොවිඩ් - 19) (තාවකාලික විධිවිධාන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)        2017 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරි‍යේ වාර්ෂික වාර්තාව
(ii)        2017 සහ 2019 වර්ෂ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තා
(iii)        2019 වර්ෂය සඳහා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(iv)        2020 වර්ෂය සඳහා කොම්ප්ට්‍රොලර් ජනරාල් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව
(v)        2020 වර්ෂය සඳහා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi)        2020 වර්ෂය සඳහා ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii)        2020 වර්ෂය සඳහා කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(viii)        2020 වර්ෂය සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ix)        2020 වර්ෂය සඳහා තොරතුරු තාක්ෂණ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(x)        2020 වර්ෂය සඳහා  නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xi)        2020 වර්ෂය සඳහා  මුදල් අමාත්‍යාංශයේ කාර්ය සාධන වාර්තාව
(xii)        2020 වර්ෂය සඳහා  කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසැල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසැල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(xiii)        2020 වර්ෂය සඳහා රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ව‍ාර්ෂික කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(xiv)        2020 වර්ෂය සඳහා රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(xv)        2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.05.01 සිට 2021.06.21 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xvi)        2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ වෙල්කම්හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මැයි 24 දිනැති අංක 2229/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii)        2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ 3(4) වගන්තිය යටතේ ඇවික් ඉන්ටර්නැෂනල් හොටෙල්ස් ලංකා ලිමිටඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මැයි 24 දිනැති අංක 2229/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු තිස්ස අත්තනායක මහතා                    
(ii)    ගරු විජිත හේරත් මහතා              -    පෙත්සම් හතරයි
(iii)    ගරු අමරකීර්ති අතුකෝරළ මහතා                    
(iv)    ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා      
                                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

රටේ පවතින පොහොර පිළිබඳ ගැටලු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය, ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකාවේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

කළුතර මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්ද සමරසිංහ මහතාට 2021.06.22 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා ඖෂධ විද්‍යා සංගමය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මධුර විතානගේ මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)       අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(ii)       වධදීමට සහ අනිකුත් කෲර, අමානුෂික හෝ නින්දිත සැළකීමට හෝ දඬුවම්වලට එරෙහිව වූ සම්මුතිය (සංශෝධන) පනත් කෙටුම්පත
(iii)       අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත යටතේ නියමය
(iv)       අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයන්ගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා
(ii)   ගරු කබීර් හෂීම් මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පොලිස් නිලධාරීන්ගේ විනය හා හැසිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1745 ට 2021 ජූලි මස 07 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks