පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2020 වර්ෂය සඳහා රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2020 වර්ෂය සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2020 වර්ෂය සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iv) 2020 වර්ෂය සඳහා රාජ්‍ය ගිණුම් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(v) 2020 වර්ෂය සඳහා භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වාර්ෂික වාර්තාව
(vii) 2019 ජුනි 03 දිනැති අංක 2126/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබූ ආගාමික හා විගාමික නියෝග පරිච්ඡින්න කිරීම සඳහා (351 අධිකාරිය වූ) ආගාමික හා විගාමික පනතේ 23 වගන්තිය සමඟ කියවිය යුතු 52 වගන්තිය යටතේ ආරක්ෂක අමාත්‍යවරයා විසින් පනවන ලද නියෝග
(viii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 මැයි 06 දිනැති අංක 2226/48 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ix) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 මාර්තු 15 දිනැති අංක 2219/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(x) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 මාර්තු 17 දිනැති අංක 2219/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xi) 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 14(1)(ඊ) සහ 15 වගන්ති සමඟ කියවිය යුතු 53 වගන්තිය යටතේ මැණික් සහ ස්වර්ණාභරණ බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 මාර්තු 02 දිනැති අංක 2165/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ සහ එම ගැසට් පත්‍රයේ මුද්‍රණ දෝෂ නිවැරදි කරමින් 1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 53 වගන්තිය යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදනු ලබන, 2021 අප්‍රේල් 01 දිනැති අංක 2221/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තා, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, සභික මන්ත්‍රී ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය
(ii) ගරු ප්‍රසන්න රණතුංග මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු ලසන්ත අලගියවන්න මහතා - පෙත්සම් හතරයි
(iv) ගරු එම්. එස්. තවුෆික් මහතා
(v) ගරු ඉෂාක් රහුමාන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් 2021.05.18 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත‍්මිය විසින් පිළිතුරු සපයන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා
දෙමළ භාෂාවෙන් වාර්තා ඉදිරිපත් කිරීම
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
(i) “ජාත්‍යන්තර සිංහ සමාජයේ දිස්ත්‍රික්ක 306 ඒ - ජාතික සංවර්ධන පදනම් භාරය (සංස්ථාගත කිරීමේ) (සංශෝධන)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ගයන්ත කරුණාතිලක මහතාට අවසර දෙන ලදී.
(ii) “ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
(ii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි දෙකක්
(iii) පරිපූරක මුදල - ශීර්ෂය 240- වැඩසටහන 02
(iv) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ප්‍රකාශන දෙකක්
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු (ආචාර්ය) සුරේන් රාඝවන් මහතා
(ii) ගරු මුජිබුර් රහුමාන් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“රසායනික පොහොර තහනම නිසා තේ කර්මාන්තය මුහුණ දී ඇති අර්බුදය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වරුණ ලියනගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1753 ට 2021 ජූලි මස 06 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks