E   |     |  

2021 ජුනි මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B: ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් ලැබී ඇති බව

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)        2020 ‍වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව

(ii)        2021 අංක 01 දරන පරිපූරක ඇස්තමේන්තුව
(iii)        2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.04.01 සිට 2021.04.30 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(iv)        1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2021 ජුනි 17 දිනැති අංක 2232/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය  
(v)        1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2021 ජුනි 18 දිනැති අංක 2232/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු එස්.එම්. චන්ද්‍රසේන මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ප්‍රේමලාල් ජයසේකර මහතා                    
(ii)    ගරු බුද්ධික පතිරණ මහතා                    
(iii)    ගරු එස්. එම්. මරික්කාර් මහතා         -   පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු අනුර දිසානායක මහතා
නව ලිට්රෝ ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන්

වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

යම් යම් ප්‍රමාද වීම් නිසා ඇප ලබා ගැනීමට නොහැකි වීම නිසා දිගු කලක් බන්ධනාගාරගතව සිටින සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව තරුණ හා ක‍්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු නාමල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)       ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම
(ii)       ඉඩම් අත්කර ගැනීමේ පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු  ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
(ii)    ගරු ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මාර්ගගත අධ්‍යාපනය සඳහා විධිමත් ක්‍රමවේදයක්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සංජීව එදිරිමාන්න මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1735 ට 2021 ජුනි මස 23 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks