බලන්න

E   |     |  

2021 මැයි මස 19 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XVIII, XIX, XX, XXI සහ XXII කොටස්, තෙවැනි කාණ්ඩයේ X සහ XI කොටස් සහ නවවැනි කාණ්ඩයේ XI, XII, XIII, XIV සහ XV කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව

(iii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  වාර්තාවේ පරිසර අමාත්‍යාංශයේ මධ්‍යම පරිසර අධිකාරිය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග    120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු (ආචාර්ය) නාලක ගොඩහේවා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු අනුප පස්කුවල් මහතා               -   පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

නොපැමිණීමේ අවසරය පිළිබඳ යෝජනා

(i)    ත්‍රිකුණාමලය මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතාට 2021.05.18 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

(ii)    නුවරඑළිය මැතිවරණ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු පලනි දිගම්බරම් මහතාට 2021.05.18 දින සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තු රැස්වීම්වලට නොපැමිණ සිටීම සඳහා, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට පාර්ලිමේන්තුවේ අවසරය හිමි විය.

 

අමාත්‍යාංශ නිවේදන

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ විමර්ශන ක්‍රියාවලිය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා රක්ෂණ ආයතනය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු මයන්ත දිසානායක මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

කොළඹ වරාය නගරය ආර්ථික ‍කොමිෂන් සභාව පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2021 මැයි මස 20 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks