බලන්න

E   |     |  

2021 මැයි මස 18 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : “කොළඹ වරාය නගර ආර්ථික කොමිසම” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘B’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම


කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIII කොටස;
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XV කොටස;
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVIII කොටස; සහ
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXIII කොටස,  නවවැනි කාණ්ඩයේ XXIII හා XXIV කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ─

•    අග්‍රහාර රක්ෂණ භාර අරමුදලෙහි ක්‍ර්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දසවැනි කාණ්ඩයේ II කොටස; සහ
•    ජාතික විගණන කාර්යාලය වෙත 2018 අගෝස්තු 01 දින සිට‍ 2019 ජූලි 31 දක්වා ලැබී ඇති මහජන නියෝජනයන් සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාව


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(iii)    2013 වර්ෂය සඳහා තේ ශක්ති අරමුදලේ වාර්ෂික වාර්තාව
(iv)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනයේ වාර්ෂික වාර්තාව

(v)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ‍අප්‍රේල් 06 දිනැති අංක‍ 2222/31 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(vi)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා නැගෙනහිර විශ්වවිද්‍යාලයේ දෙමළ අධ්‍යයනාංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මාර්තු 22 දිනැති අංක 2220/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 22 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියා මණ්ඩපයේ මූල්‍ය හා ගිණුම්කරණ, ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ, ව්‍යාපෘති කළමනාකරණ, මානව සම්පත් කළමනාකරණ, අලෙවි කළමනාකරණ, ව්‍යාපාර ආර්ථික විද්‍යා සහ කළමනාකරණ සහ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මාර්තු 22 දිනැති අංක 2220/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය


කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ගාමිණී ලොකුගේ මහතා                     -   පෙත්සම් හයයි
(ii)    ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා                    
(iii)    ගරු සී. බී. රත්නායක මහතා                     -   පෙත්සම් දෙකයි
(iv)    ගරු වාසුදේව නානායක්කාර මහතා                    
(v)    ගරු දයාසිරි ජයසේකර මහතා                   -   පෙත්සම් දෙකයි
(vi)    ගරු (වෛද්‍ය) සුදර්ශිනී ප්‍රනාන්‍දුපුල්ලේ මහත්මිය                    
(vii)    ගරු ජයන්ත සමරවීර මහතා                     -   පෙත්සම් තුනයි
(viii)    ගරු විජිත හේරත් මහතා                         -   පෙත්සම් හතරයි
(ix)    ගරු බුද්ධික පතිරණ මහතා                       -   පෙත්සම් දෙකයි
(x)    ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා                    
(xi)    ගරු නලින් ප්‍රනාන්දු මහතා                    
(xii)    ගරු රෝහණ බංඩාර මහතා                    
(xiii)    ගරු වසන්ත ය‍ාපාබණ්ඩාර මහතා                    
(xiv)    ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා                    
(xv)    ගරු කුමාරසිරි රත්නායක මහතා                    
(xvi)    ගරු සමන්ප්‍රිය හේරත් මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා

ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය


අමාත්‍යාංශ නිවේදන

(i)    කොවිඩ් වසංගතය වෙනුවෙන් රජයේ වියදම පිළිබඳව මුදල් අමාත්‍යතුමා වෙනුවෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳ‍පළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    ‘ටවුටේ’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්වය වෙනුවෙන් ක්‍රියාත්මක කරන ලද සහන සේවා පිළිබඳව වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 15 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    මුදල් පනත යටතේ රෙගුලාසි
(ii)    මුදල් පනත යටතේ නියෝගය
(iii)    මුදල් පනත යටතේ නියෝගය
(iv)    ගුවන් තොටුපළ සංවර්ධන බදු පනත යටතේ නියෝගය
(v)    විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නිය‍මයන් අටක්
(vi)    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්
(vii)    විදේශ විනිමය පනත යටතේ නියෝග


සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු කුමාරසිරි රත්නායක මහතා
(ii)    ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය ශක්තිමත් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය විසින් යෝජනා කරන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1730 ට 2021 මැයි මස 19 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks