බලන්න

E   |     |  

2021 මැයි මස 05 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.


කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම


ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 සහ 2018 වර්ෂ සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තා.
(ii)    2020 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව


පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා        -   පෙත්සම් දෙකයි
(ii)    ගරු ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා                    
(iii)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(iv)    ගරු මිලාන් ජයතිලක මහතා                    
(v)    ගරු උද්දික ප්‍රේමරත්න මහතා                    
(vi)    ගරු කුමාරසිරි රත්නායක මහතා                    
(vii)    ගරු ගාමිණී වලේබොඩ මහතා                    
(viii)    ගරු වීරසුමන වීරසිංහ මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)


අමාත්‍යාංශ නිවේදන

අත්‍යාවශ්‍ය පරිභෝජන භාණ්ඩවල මිල ස්ථායීකරණය පිළිබඳව වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.


පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2003 අංක 3 දරන මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කිරීම සඳහා වූ

“මූල්‍ය කළමනාකරණ (වගකීම) (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී.


කල් තැබීමේ යෝජනාව

“රටෙහි පවත්නා තත්වය” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.


අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1630 ට 2021 මැයි මස 18 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks