පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : “ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
‘B’ : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
‘C’ : පාර්ලිමේන්තුව තුළදී කොවිඩ්-19 සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කිරීම පිළිබඳව
‘D’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii) 2018 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව
(v) 2020 අංක 7 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2021.03.01 සිට 2021.03.31 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ “පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය” මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(vi) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 පෙබරවාරි 01 දිනැති අංක 2213/7 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(vii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 21 දිනැති අංක 2202/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 දෙසැම්බර් 14 දිනැති අංක 2206/3 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 දෙසැම්බර් 16 දිනැති අංක 2206/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 13 දිනැති අංක 2210/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 18 දිනැති අංක 2211/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 පෙබරවාරි 11 දිනැති අංක 2214/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 මාර්තු 03 දිනැති අංක 2217/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv) 2006 අංක 11 දරන මුදල් පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු 6(2) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 පෙබරවාරි 09 දිනැති අංක 2214/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xvi) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ (සංශෝධිත) 3(4) වගන්තිය යටතේ සිලෝන් ටයර් මැනුෆැක්චරින් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මාර්තු 05 දිනැති අංක 2217/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) 2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ (සංශෝධිත) 3(4) වගන්තිය යටතේ කොළඹ ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 මාර්තු 23 දිනැති අංක 2220/30 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii) 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 7 වගන්තිය සමඟ කියවිය යුතු 29 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2021 අප්‍රේල් 07 දිනැති අංක 2222/37 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(xix) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2017 වර්ෂයේ පැවති 106 වැනි සැසිවාරයේ දී පිළිගනු ලැබූ නිර්දේශය
(xx) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2019 වර්ෂයේ පැවති 108 වැනි සැසිවාරයේ දී පිළිගනු ලැබූ නිර්දේශය
(xxi) ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ 2019 වර්ෂයේ පැවති 108 වැනි සැසිවාරයේ දී පිළිගනු ලැබූ සම්මුතිය
(xxii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා රුහුණු විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා ව්‍යවසායකත්ව, අලෙවිකරණ, මානව සම්පත් කළමනාකරණ, ව්‍යාපාර කළමනාකරණ, ගිණුම්කරණ සහ මූල්‍ය අධ්‍යනාංශ පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මාර්තු 03 දිනැති අංක 2217/24 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 මාර්තු 03 දිනැති අංක 2217/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු මහින්ද අමරවීර මහතා
(ii) ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
(iii) ගරු එස්. බී. දිසානායක මහතා
(iv) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු ශාන්ත බණ්ඩාර මහතා
(vi) ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය - පෙත්සම් දෙකයි
(vii) ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා
(viii) ගරු අනුප පස්කුවල් මහතා
(ix) ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා - පෙත්සම් දෙකයි
(x) ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
හරිත ආර්ථිකය පිළිබඳ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය, ගරු මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 7 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගය
(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන හතරක්
(iii) එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iv) දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
කල් තැබීමේ යෝජනාව
“රටෙහි පවත්නා තත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 මැයි මස 5 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks