E   |     |  

2021 අප්‍රේල් මස 22 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු අනුර දිසානායක මහතා        -  පෙත්සම් පහයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ආන්දෝලනයට ලක් වී ඇති නැගෙනහිර විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් 2021.04.21 දින ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා විසින් ඉදිරිපත් කරන ලද සභාව කල් තබන අවස්ථාවේ යෝජනාවට අධ්‍යාපන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා පිළිතුරු සපයන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු නලින් ප්‍රනාන්දු මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 අප්‍රේල් මස 23 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks