E   |     |  

2021 අප්‍රේල් මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සවිබලගැන්වීම සඳහා වන ජාතික මහ ලේකම් කාර්යාලයේ කාර්ය සාධනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අ‍ටවැනි කාණ්ඩයේ XVII කොටස

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    වැවිලි කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නාමල් රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රංජිත් සියඹලාපිටිය මහතා                   -  පෙත්සම් දෙකයි
(ii)    ගරු ජයරත්න හේරත් මහතා                    
(iii)    ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා   -  පෙත්සම් තුනයි   
              
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොවිඩ්-19 පාලනය කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග

සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීම‍ට එරෙහි සම්මුති පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-

(i)    ගරු  කේ. පී. එස්. කුමාරසිරි මහතා
(ii)    ගරු  මනූෂ නානායක්කාර මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ආන්දෝලනයට ලක් වී ඇති නැගෙනහිර විශ්වවිද්‍යාලය (Batticaloa Campus)” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1737 ට 2021 අප්‍රේල් මස 22 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks