පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’, ‘B’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii) 2016 වර්ෂය සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iv) 2017 සහ 2018 වර්ෂ සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ වාර්ෂික වාර්තා
(v) 2018 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව
(vi) 2018 සහ 2019 වර්ෂ සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ වාර්ෂික වාර්තා
(vii) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(viii) 2018 වර්ෂය සඳහා ගුවන්තොටුපළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ වාර්ෂික වාර්තාව
(ix) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(x) 2019 වර්ෂය සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(xi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු චන්දිම වීරක්කොඩි මහතා
(ii) ගරු උද්දික ප්‍රේමරත්න මහතා
(iii) ගරු මනූෂ නානායක්කාර මහතා - පෙත්සම් හතරයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් අධීක්ෂණය කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 8 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) විදේශ විනිමය පනත යටතේ නියෝග පහක්
(ii) සුරාබදු ආඥාපනත යටතේ නිවේදන දෙකක්
(iii) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි
සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i) ගරු ශාන්ත බණ්ඩාර මහතා
(ii) ගරු ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම් මහතා
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“ශ්‍රී ජයවර්ධනපුර අගනගරයේ නගර සීමා වෙනස් කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මධුර විතානගේ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 අප්‍රේල් මස 21 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks