E   |     |  

2021 අප්‍රේල් මස 08 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු රන්ජන් රාමනායක මහතාගේ ආසනය පුරප්පාඩු වීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXII, XXIII සහ XXIV කොටස් ද, සිව්වැනි කාණ්ඩයේ IX, X සහ XI කොටස් ද, සහ පස්වැනි කාණ්ඩයේ VII  හා VIII කොටස්
(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරක්ෂිත සහල් සංචිත පවත්වාගෙන යාම හා ගබඩා උපයෝජනයේ කාර්ය සාධනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අ‍ටවැනි කාණ්ඩයේ I කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව
(ii)    2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීම‍ට එරෙහි සම්මුති පනතේ 3 වගන්තිය සමඟ කියවිය යුතු 34 වගන්තිය යටතේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 පෙබරවාරි 23 දිනැති අංක 2216/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩී. බී. හේරත් මහතා                    
(ii)    ගරු ගයන්ත කරුණාතිලක මහතා                    
(iii)    ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන

සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයා මාරුකිරීම පිළිබඳව පොල්, කිතුල් හා තල් වගා ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අරුන්දික ප්‍රනාන්දු මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු දිලිප් වෙදආරච්චි මහතා
බන්ධනාගාරයට ගොස් ගරු රන්ජන් රාමනායක මහතා හමුවීමට අවස්ථාව ලබාදීම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;

(i)    කොළඹ වරාය නගරය ආර්ථික ‍කොමිෂන් සභාව - විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම පිණිස විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඒ කලාපය තුළ සහ එහි සිට ව්‍යාපාර සහ වෙනත් ක්‍රියාකාරකම් කරගෙන යාම සඳහා ලියාපදිංචි කිරීම, බලපත්‍ර දීම, බලය ලබාදීම සහ වෙනත් අනුමතයන් ලබා දීම සඳහා බලය ඇති කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා ද; ඒ කලාපය තුළ ව්‍යාපාර කටයුතු කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීම සඳහා ඒකීය අවස්ථා ආයෝජන පහසුකම් සලසන්නකු හඳුනා ගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම සඳහා ද; ඒ කලාපය තුළ ක්‍රමෝපායික වැදගත්කමක් ඇති ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සඳහා දිරිගැන්වීම් සහ වෙනත් නිදහස් කිරීම් නිශ්චය කොට ප්‍රදානය කිරීම සඳහා ද; විධිවිධාන සලස්වා ඇති ආකාරයට, ඒ කලාපය තුළ පිහිටා ඇති රජයේ අලෙවි කළ හැකි ඉඩම් සහ ව්‍යාපෘති සමාගමේ අලෙවි කළ හැකි ඉඩම් සහ පරිශ්‍රයන් සහ සහාධිපත්‍ය කොටස් සම්බන්ධයෙන් ගනුදෙනුවලට එළඹීමට ද; ඒ කලාපය තුළ ජාත්‍යන්තර වෙළඳාම, නාවික ප්‍රවර්ධන මෙහෙයුම්, අක්වෙරළ බැංකු කටයුතු සහ මූල්‍ය සේවාවන්, තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි බාහිර ප්‍රභවයන්ට දීම, සංස්ථාපිත මූලස්ථානයේ මෙහෙයුම්, කලාපීය ‍බෙදාහැරීමේ මෙහෙයුම්, සංචාරක කටයුතු සහ ඒ හා සම්බන්ධ වෙනත් සේවාවන් ප්‍රවර්ධනය කිරීම සහ ඒ සඳහා පහසුකම් සැලසීම සඳහා ද; ඒ කලාපය තුළ ජාත්‍යන්තර ආරාවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයක් පිහිටුවීම සඳහා ද; ඒ කලාපය තුළ, නාගරික පහසුකම් පිළිබඳ මෙහෙයුම් ප්‍රවර්ධනය කිරීම සහ නේවාසික ප්‍රජාවක් පදිංචි කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ.

(ii)    ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා (සංශෝධන) - 1968 අංක 15 දරන ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථා පනත සංශෝධනය කිරීම සඳහා වූ.

 

කල් තැබීමේ යෝජනාව

“2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1630 ට 2021 අප්‍රේල් මස 09 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks