E   |     |  

2021 අප්‍රේල් මස 06 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ටවර් හෝල් රඟහල පදනමේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශය
(ii)    2017 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා                    
(ii)    ගරු නිමල් ලාන්සා මහතා               -  පෙත්සම් තුනයි
(iii)    ගරු විජිත බේරුගොඩ මහතා                    
(iv)    ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා                    
(v)    ගරු දිලිප් වෙදආරච්චි මහතා                    
(vi)    ගරු ශාන්ත බණ්ඩාර මහතා                    
(vii)    ගරු වරුණ ලියනගේ මහතා                    
(viii)    ගරු චාමර සම්පත් දසනායක මහතා   
                 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
විෂ ද්‍රව්‍ය අඩංගු ආනයනික පොල්තෙල්

වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

ටයිල් සහ සනීපාරක්ෂක උපකරණ ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් 2021.03.24 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“දැදිගම ශ්‍රී මෛත්‍රී ප්‍රඥාර්ථ බෞද්ධ අධ්‍යාපන දහම් සභාව (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අශෝක ප්‍රියන්ත මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 6 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)    ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්
(ii)    ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමයන් දෙකක්
(iii)    අල්ලස් හෝ දූෂණ ‍ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වැටුප හා දීමනා ප්‍රතිශෝධනය කිරීම

 

සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සභාව කල් තබන අවස්‍ථාවේ ප්‍රශ්න දෙකක් අසන ලදී:-
(i)    ගරු බී. වයි. ජී. රත්නසේකර මහතා
(ii)    ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ඉහළ යන භාණ්ඩ මිල සහ උද්ධමනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 අප්‍රේල් මස 07 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks