පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සේවය පිණිස මන්ත්‍රීන් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 වර්ෂය සඳහා ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 දෙසැම්බර් 18 දිනැති අංක 2206/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ටර්නැෂනල් බුඩිස්ට් ඇකඩමි ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞරව) සහ උඩරට නර්තනය පිළිබඳ ප්‍රාසාංගික කලාවේදී (ගෞරව) උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජනවාරි 13 දිනැති අංක 2210/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන දත්ත විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව, වලාකුළු පරිගණකකරණ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව, මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව, සයිබර් ආරක්ෂණ විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව, සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව සහ සංගීතවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජනවාරි 13 දිනැති අංක 2210/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සීගීස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව, ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව, ගිණුම්කරණය හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව සහ අලෙවිකරණය පිළිබඳ ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජනවාරි 22 දිනැති අංක 2211/69 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර පරිපාලන පශ්චාත් සහ යාන්ත්‍ර විද්‍යුත් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ඉංජිනේරු විද්‍යාවේදී ගෞරව උපාධි සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 පෙබරවාරි 08 දිනැති අංක 2214/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු අමරකීර්ති අතුකෝරළ මහතා
(ii) ගරු අසංක නවරත්න මහතා - පෙත්සම් දෙකයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
ආනයනික පොල්තෙල්වල පිළිකා කාරක සංඝටක අඩංගු වීම පිළිබඳව වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී;
(i) ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය - ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටුවීම, පවත්වාගෙන යෑම සහ පරිපාලනය කිරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, විශ්වවිද්‍යාල මට්ටමෙන් උසස් අධ්‍යාපනය ලබාදීම පිණිස ද, කඳවලවත්ත හා එහි ඇති චංචල දේපළ විශ්වවිද්‍යාලය වෙත පැවරීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද, 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පනත ඉවත් කිරීම පිණිස ද, ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ
(ii) දේශීය ආදායම් (සංශෝධන) - 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ
(iii) එකතු කළ අගය මත බදු (සංශෝධන) - 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම සඳහා වූ
කල් තැබීමේ යෝජනාව
“2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1630 ට 2021 අප්‍රේල් මස 05 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks