පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පිළිගන්වනු ලබන ලිපිලේඛනාදියේ මුද්‍රිත පිටපත්
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම පිළිබඳව සංවේගය පළ කිරීම
අමාත්‍යාංශ නිවේදන
(i) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබඳව විදේශ අමාත්‍ය, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
(ii) පෙර පාසල් සඳහා ගුරුවරුන්, පහසුකම් ආදිය ලබාදීම සම්බන්ධයෙන් 2021.03.10 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධ්‍යාපන අමාත්‍යවරයා වෙනුවෙන් කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය, ගරු පියල් නිශාන්ත ද සිල්වා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“හදට හද භාරකාර අරමුදල (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු (මහාචාර්ය) තිස්ස විතාරණ මහතාට අවසර දෙන ලදී.
කල් තැබීමේ යෝජනාව
“2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබූ විවාදය තවදුරටත් පවත්වන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1630 ට 2021 මාර්තු මස 26 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks