E   |     |  

2021 මාර්තු මස 10 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : විසිවැනි සං‍ශෝධනය ඇතුළත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිශෝධිත මුද්‍රිත පිටපත්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

(iii)    2015 වර්ෂය සඳහා ලංකා ධීවර සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව

(v)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 135(4) වගන්තිය සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ඔක්තෝබර් 09 දිනැති අංක 2144/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(vi)    (203 අධිකාරය වූ) මෝටර් වාහන පනතේ 143 වගන්තිය සමඟ කියවිය යුතු 237 වගන්තිය යටතේ ප්‍රවාහන  සේවා කළමනාකරණ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/33 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමුවැනි වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (මහාචාර්ය) චරිත හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මායාදුන්න චින්තක අමල් මහතා                    
(ii)    ගරු මධුර විතානගේ මහතා                    
(iii)    ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය    
                
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
පෙර පාසල් සඳහා ගුරුවරුන්, පහසුකම් ආදිය ලබාදීම

 

අමාත්‍යාංශ නිවේදන

පාස්කු ඉරිදා ප්‍රහාරය සහ ඉදිරි ආරක්ෂක ක්‍රියාමාර්ග පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය, ගරු (ආචාර්ය) සරත් වීරසේකර මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

““මාතර සමය” සංවිධානය (සංස්ථාගත කිරීමේ)” 

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන සේවා පනත යටතේ ‍යෝජනා සම්මතය (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“2019 අප්‍රේල් මස 21 වැනි දින සිදු වූ බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධයෙන් විමර්ශනය කර පරීක්ෂා කොට වාර්තා කිරීම හෝ අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (ජනාධිපති නීතිඥ) ජයන්ත වීරසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 මාර්තු මස 23 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks