පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XVII, XVIII, XIX, XX සහ XXI කොටස් ද, සිව්වැනි කාණ්ඩයේ VIII කොටස සහ හයවැනි කාණ්ඩයේ XVII, XVIII හා XIX කොටස්
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,
• බලපත්‍රලත් මත්පැන් නිෂ්පාදනාගාර පිළිබඳ සුරාබදු දෙපාර්තමේන්තුවේ නියාමනයේ ඇති කාර්යක්ෂමතාව ඇගයීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ XXIII කොටස;
• එළවළු බීජ දේශීය වශයෙන් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ XXIV කොටස; සහ
• මනම්පිටිය වැලි කැණීමේ ව්‍යාපෘතිය සම්බන්ධ විශේෂ විගණන වාර්තාව පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දහවැනි කාණ්ඩයේ I කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2016 වර්ෂය සඳහා සමුපකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iv) 2018 වර්ෂය සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2021 මාර්තු 01 දිනැති අංක 2217/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(vi) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 දෙසැම්බර් 14 දිනැති අංක 2206/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(viii) 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 දෙසැම්බර් 24 දිනැති අංක 2207/15 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(ix) 2015 ජනවාරි 08 දිනෙන් ආරම්භ වී 2019 නොවැම්බර් 16 දිනෙන් අවසන් වූ කාල සීමාව තුළ නිලතල දැරූ රජයේ නිලධරයන්, රාජ්‍ය සංස්ථාවල සේවකයන්, සන්නද්ධ හමුදාවන්හි සහ පොලිස් සේවයෙහි සාමාජිකයන්ට සිදුවී ඇතැයි කියන දේශපාලනමය පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබා ගැනීම සඳහා වන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ පළමුවැනි, දෙවැනි සහ තෙවැනි වෙළුම්
(x) 2015.01.15 දින සිට 2018.12.31 දක්වා කාලය තුළ රජයේ ආයතනවල සිදුවී ඇතැයි සැලකෙන දූෂණ වංචා පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව
(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඉන්ටර්නැෂනල් කොලෙජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි ලිමිටඩ් විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 සැප්තැම්බර් 25 දිනැති අංක 2194/72 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ කාට්සු - හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන හෙද පිළිබඳ දර්ශනපති උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ඔක්තෝබර් 07 දිනැති අංක 2196/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ බෙනඩික්ට් XVI කැතලික් ඉන්ස්ටිටියුට් ඔෆ් හයර් එඩියුකේෂන් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 නොවැම්බර් 09 දිනැති අංක 2201/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xiv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සිනෙක් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන අධ්‍යයන ක්‍රියාකාරකම් මඟින් වන ව්‍යාපාර කළමනාකරණපති උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 දෙසැම්බර් 28 දිනැති අංක 2208/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ රෝයල් ඉන්ස්ටිටියුට් කලම්බු (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන අන්තර්ජාතික ආර්ථික විද්‍යාව හා මූල්‍ය පිළිබඳ ව්‍යාපාරවේදී (ගෞරව) උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජනවාරි 01 දිනැති අංක 2208/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ බිස්නස් මැනේජ්මන්ට් ස්කූල් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන ව්‍යාපාර කළමනාකරණවේදී (ගෞරව) උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජනවාරි 01 දිනැති අංක 2208/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xvii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ප්‍රදානය කරන ජෛව තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ජනවාරි 01 දිනැති අංක 2208/49 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii) 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු සී. බී. රත්නායක මහතා
(ii) ගරු සුසිල් ප්‍රේමජයන්ත මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු දයාසිරි ජයසේකර මහතා - පෙත්සම් හතරයි
(iv) ගරු නිමල් ලාන්සා මහතා
(v) ගරු අනුරාධ ජයරත්න මහතා
(vi) ගරු විජිත හේරත් මහතා
(vii) ගරු බුද්ධික පතිරණ මහතා
(viii) ගරු එස්. එම්. මරික්කාර් මහතා - පෙත්සම් තුනයි
(ix) ගරු සංජීව එදිරිමාන්න මහතා
(x) ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා - පෙත්සම් තුනයි
(xi) ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
(xii) ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා
(xiii) ගරු සමන්ප්‍රිය හේරත් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
විශ්‍රාම වැටුප් විෂමතා
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ නියෝග
(ii) විදේශ විනිමය පනත යටතේ නියෝග
(iii) ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
(iv) ශ්‍රී ලංකාව තුළ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත පදනම් වී කරනු ලබන වෙනස්කම් සහ කාන්තාවන්ගේ අයිතිවාසිකම් කඩවීම් පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින්, ස්ත්‍රී-පුරුෂ සමතාව සහ සමානාත්මතාවය තහවුරු කිරීමට සහ ඒ පිළිබඳව සොයා බලා සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“අදාළ ආයතන හා එක්ව කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා පියවර ගැනීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2021 මාර්තු මස 10 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks