E   |     |  

2021 පෙබරවාරි මස 25 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද  වාර්තාවේ  මුදල් අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv)    2019  අප්‍රේල් 21 දින සිදු වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව
(v)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපන අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජනවාරි 30 දිනැති අංක 2160/40 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ඩලස් අලහප්පෙරුම මහතා                    
(ii)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා  -  පෙත්සම් දෙකයි
(iii)    ගරු සංජීව එදිරිමාන්න මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ශෝක ප්‍රකාශ යෝජනා

හිටපු කථානායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1628 ට 2021 මාර්තු මස 9 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks