E   |     |  

සභාවේ කටයුතු


අභාවප්‍රාප්ත පා. ම. ගරු ද. මු. දසනායක මහතාගේ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී කථා පවත්වා අවසන් කරන ලදී.


යෝජනා පිළිබඳ දැනුම්දීම

පාර්ලිමේන්තු සංකීර්ණයේ දැනට පවත්නා තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

2009 පෙබරවාරි මස 28 වැනි දින දක්වා කාල සීමාව දීර්ඝ කළ යුතු බවට වන යෝජනාව සභානායකවරයා විසින් ඉදිරිපත් කරන ලදුව සභාව විසින් එකඟ විය.


අද දින සභාවේ ප්‍රධාන කටයුතු

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ නියමය (469 වැනි අධිකාරය)

සභාව විසින් සම්මත කරන ලදී.


සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

"රාජ්‍ය සේවකයන්ගේ වැඩි කළ ජීවන වියදම් දීමනාව විශ්‍රාමිකයින්ට ලබාදීම" පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා විසින් ඉදිරිපත් කරන ලදී.


අනතුරුව, සභාව පැය 1422 ට 2008 අගෝස්තු මස 05 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks