E   |     |  

2021 පෙබරවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව

(iii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්ත විද්‍යා හා අණුක වෛද්‍ය විද්‍යා අධ්‍යයන අංශයක් සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජූලි 30 දිනැති අංක 2186/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය  
(iv)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය තාක්ෂණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020  ජූලි 30 දිනැති අංක 2186/28 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු රංජිත් සියඹලාපිටිය මහතා                    
(ii)    ගරු සී. බී. රත්නායක මහතා                 -   පෙත්සම් දෙකයි
(iii)    ගරු විජිත හේරත් මහතා                    -   පෙත්සම් තුනයි
(iv)    ගරු නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා        
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “වයිට් රෝස් පදනම (සංස්ථාගත කිරීමේ)”
(ii)    “ශ්‍රී බාලාභිවෘධි වර්ධන සමිතිය (සංස්ථාගත කිරීමේ)”
(iii)    “රුහුණු උදානය සංවිධානය (සංස්ථාගත කිරීමේ)”
(iv)    “වර්ල්ඩ් ලයිෆ් ලයින් යෝගා ආයතනය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු බුද්ධික පතිරණ මහතාට අවසර දෙන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1120 ට 2021 පෙබරවාරි මස 25 වැනි බ්‍රහස්පතින්දා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks