E   |     |  

2021 පෙබරවාරි මස 12 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,

•    2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XV කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXI කොටස සහ නවවැනි කාණ්ඩයේ XXII කොටස; සහ
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XV, XVI සහ XVII කොටස් ද, තෙවැනි කාණ්ඩයේ IX කොටස ද, සිව්වැනි කාණ්ඩයේ VII කොටස සහ නවවැනි කාණ්ඩයේ VII, VIII, IX සහ X කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා පොල් පර්යේෂණ මණ්ඩලයේ වාර්ෂික වාර්තාව

(ii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 19 දිනැති අංක‍ 2198/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(iii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 29 දිනැති අංක‍ 2199/20 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ඉඩම් අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ලසන්ත අලගියවන්න මහතා          -  පෙත්සම් අටයි
(ii)    ගරු විජිත බේරුගොඩ මහතා                    
(iii)    ගරු (ආචාර්ය) හරිනි අමරසූරිය මහත්මිය    
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

(i)    ටයිල් ආනයනය කිරීම සම්බන්ධයෙන් 2021.02.10 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් පිළිතුරු සපයන ලදී.

(ii)    රටේ පවත්නා මුස්ලිම් විවාහ නීතිය සම්බන්ධයෙන් 2021.02.09 දින ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන් විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු සුරංගනී එල්ලාවල මහත්මිය
(ii)    අභාවප්‍රාප්ත ගරු කේ. පී. සිල්වා මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු කපිල් අබේරත්න මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1618 ට 2021 පෙබරවාරි මස 23 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks