පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iii) 2019 වර්ෂය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv) 2019 වර්ෂය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනයේ වාර්ෂික වාර්තාව හා වාර්ෂික ගිණුම්
(v) 2019 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා ආයතනයේ වාර්ෂික වාර්තාව
(vi) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනාව
(2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට 2020 සැප්තැම්බර් 13 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස සම්මානීත මහාචාර්ය වීරකෝන් මුදියන්සේලාගේ අබේරත්න බණ්ඩාර මහතා පත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 සැප්තැම්බර් 11 දිනැති අංක 2192/61 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යවරයා විසින් 2020 ඔක්තෝබර් 17 දිනැති අංක 2197/27 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු ලලිත් එල්ලාවල මහතා - පෙත්සම් පහයි
(iii) ගරු කේ. පී. එස්. කුමාරසිරි මහතා
(iv) ගරු වීරසුමන වීරසිංහ මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු යදාමිණී ගුණවර්ධන මහතා
(vi) ගරු ගාමිණී ලොකුගේ මහතා - පෙත්සම් හයයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු සහ 6 ශ්‍රේණියට බඳවා ගැනීම
අධ්‍යාපන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
කොවිඩ්-19 හේතුවෙන් පීඩාවට පත් සංචාරක ක්ෂේත්‍රයට සහන ලබාදීම
සංචාරක අමාත්‍ය, ගරු ප්‍රසන්න රණතුංග මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-
(i) ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි තුනක්
(ii) අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ප්‍රකාශනය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“වගා හා දේපල වන සතුන්ගෙන් ආරක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1732 ට 2021 පෙබරවාරි මස 12 වැනි සිකුරාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks