E   |     |  

2021 පෙබරවාරි මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘B’ : රජ‍යේ මුදල් පිළිබඳ කාරක සභාවේ සේවය සඳහා දැනට සිටින මන්ත්‍රීවරයෙක් වෙනුවට නව මන්ත්‍රීවරයෙක් පත් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)     ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XII කොටස;
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIV කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXX කොටස සහ නවවැනි කාණ්ඩයේ XXI කොටස; සහ
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XI, XII, XIII හා XIV කොටස්,  තෙවැනි කාණ්ඩයේ VII හා VIII කොටස් සහ නවවැනි කාණ්ඩයේ V  හා VI කොටස්

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ අටවැනි කාණ්ඩයේ ─
•    පිඟන් සංස්ථාව සතු උළු කම්හල්වල නිෂ්පාදන, මෙහෙයුම් හා අලෙවි ක්‍රියාවලිය ඇගයීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - XVIII කොටස; සහ
•    නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය ඇගයීම සම්බන්ධ විශේෂ විගණන වාර්තාවේ - XIX කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයනය ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2018 වර්ෂය සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(iii)    2018 සහ 2019 වර්ෂ සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තා හා ගිණුම්
(iv)    2018 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v)    2018 වර්ෂය සඳහා ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව
(vi)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව
(vii)    2016/2017 වර්ෂය සඳහා සීමාසහිත ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(viii)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix)    2016 වර්ෂය සඳහා තැනැත්තන්, දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය

(x)    2019 වර්ෂය සඳහා නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(xi)    2019 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාව

(xii)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2021 ජනවාරි 30 දිනැති අංක 2212/58 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xiii)    2020 අංක 6 දරන විසර්ජන පනතේ 6(1) වගන්තිය යටතේ 2020.11.30 සිට 2020.12.18 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශීර්ෂ අංක 240 යටතේ පරිපූරක සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මඟින් සිදු කරන ලද පරිපූරක වෙන්කිරීම් පිළිබඳ සටහන
(xiv)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 අගෝස්තු 17 දිනැති අංක‍ 2189/4 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xv)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 අගෝස්තු 17 දිනැති අංක‍ 2189/5 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xvi)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1) සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 සැප්තැම්බර් 15 දිනැති අංක‍ 2193/9 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xvii)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4(1), 6 සහ 14 වගන්ති සමඟ කියවිය යුතු 20 වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2021 ජනවාරි 05 දිනැති අංක‍ 2209/18 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි
(xviii)    රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10(අ) වගන්තිය යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධ වරණීය හා සාමාන්‍ය තීරු බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 නොවැම්බර් 23 දිනැති අංක 2203/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xix)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ  සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 28 දිනැති අංක 2199/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xx)    1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වගන්තිය යටතේ  සෙස් බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 29 දිනැති අංක 2199/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය
(xxi)    1993 අංක 50 දරන ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පනතේ 15 වගන්තිය සමඟ කියවිය යුතු 53 වගන්තිය යටතේ මැණික් සහ ස්වර්ණාභරණ බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් කර්මාන්ත සහ සැපයුම් කළමණාකරණ අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 මාර්තු  02 දිනැති අංක 2165/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තා, එම කාරක සභාවේ සභාපති, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු මහින්ද අමරවීර මහතා                    
(ii)    ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා          -  පෙත්සම් පහයි
(iii)    ගරු ගයන්ත කරුණාතිලක මහතා            -  පෙත්සම් දෙකයි
(iv)    ගරු අනුර දිසානායක මහතා                 -  පෙත්සම් පහයි
(v)    ගරු රෝහණ දිසානායක මහතා              -  පෙත්සම් තුනයි
(vi)    ගරු හර්ෂණ රාජකරුණා මහතා                    
(vii)    ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා                    
(viii)    ගරු එච්. නන්දසේන මහතා                   -  පෙත්සම් දෙකයි
(ix)    ගරු නලින් ප්‍රනාන්දු මහතා                    -  පෙත්සම් දෙකයි
(x)    ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය                    
(xi)    ගරු ඩී. වීරසිංහ මහතා                    
(xii)    ගරු සමන්ප්‍රිය හේරත් මහතා    
                               
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
ඩී එස් ගුණසේකර පුද්. සමාගමට ලංකා බැංකුව විසින් ණය ලබාදීම

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

(ii)    ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
රටේ පවත්නා මුස්ලිම් විවාහ නීතිය

 

අමාත්‍යාංශ නිවේදන

(i)    කොවිඩ්-19 හේතුවෙන් ජනතාවට ලබාදුන් සහන පිළිබඳව වෙළඳ අමාත්‍ය, ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

(ii)    කුඩා තේ වතු හිමියන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් 2021.01.20 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වැවිලි අමාත්‍ය, ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු දිලිප් වෙදආරච්චි මහතා
තංගල්ල බන්ධනාගාරයේදී ගරු රන්ජන් රාමනායක මහතා හමුවීමට අවස්ථාව ලබානොදීම

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “විවාහ (සාමාන්‍ය) (සංශෝධන)”
(ii)     “මුස්ලිම් විවාහ හා දික්කසාද (ඉවත්කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමට ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමියන්ට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (i) සහ (ii)  පනත් කෙටුම්පත් ආරක්ෂක  අමාත්‍යවරයා වෙත යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ නියෝග (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පෙරපාසල් පාලිකාවන් සඳහා මාසික දීමනාවක් ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අකිල එල්ලාවල මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1737 ට 2021 පෙබරවාරි මස 10 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks