E   |     |  

2021 ජනවාරි මස 20 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 35(1) වගත්තිය යටතේ, විගණකාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද ජාතික විගණන කාර්යාලයේ 2021 වර්ෂය සඳහා වන වාර්ෂික කාර්ය වැඩසටහන, එකී පනතේ 35(3) වගන්තිය ප්‍රකාරව සභාගත කරන ලදී.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ කාර්යසාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ධීවර අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(v)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

(vi)    1958 අංක 15 දරන සේවක අර්ථසාධක අරමුදල් පනතේ 8 වගන්තිය සමඟ කියවිය යුතු 46 වගන්තිය යටතේ කම්කරු අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2021 ‍ජනවාරි 06 දිනැති අංක 2209/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 21 වගන්තිය සහ 139 වගන්තිය සමඟ කියවිය යුතු 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ශ්‍රී ලංකාවේ ‍යාපනය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන අංශයන් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020  ‍පෙබරවාරි 19 දිනැති අංක 2163/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය සහිතව, ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව පිහිටුවීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020  ‍ඔක්තෝබර් 28 දිනැති අංක 2199/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x)    1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ  මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂක වෙනුවට 2020 ඔක්තෝබර් 01 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ආචාර්ය චමින්දලාල් සුජීව ලෙවන්ගමගේ මහතා පත්කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 සැප්තැම්බර් 30 දිනැති අංක 2195/36 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (මහාචාර්ය) චන්න ජයසුමන මහතා                    
(ii)    ගරු අනුර දිසානායක මහතා                    
(iii)    ගරු බුද්ධික පතිරණ මහතා                -   පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
කුඩා තේ වතු හිමියන් මුහුණපාන ගැටලු

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)     “රතනතිස්ස සාම පදනම (සංස්ථාගත කිරීමේ)”  

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

(ii)    “ශ්‍රී ශාක්‍යසිංහාරාම විහාරස්ථ කාර්යය සාධක සංවිධානය (සංස්ථාගත කිරීමේ)”  

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු යදාමිණී ගුණවර්ධන මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.

 

කල් තැබීමේ යෝජනාව

“පාර්ලිමේන්තුවෙන් සම්මත කළ නොයෙකුත් නීතීන් යටතේ අමාත්‍යවරුන් විසින් අතිවි‍ශේෂ ගැසට් පත්‍රවල පළ කරන ලද නියෝග නියම කරන ලද ආකාරයට ක්‍රියාත්මක නොවීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1630 ට 2021 පෙබරවාරි මස 9 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks