පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මුදල් කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iii) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ශ්‍රේෂඨාධිකරණය (උපරිමාධිකරණ විනිශ්චයකාරවරු - ශීර්ෂ 04) සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෙනුවට 2020 සැප්තැම්බර් 13 දින සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජනිතා අබේවික්‍රම ලියනගේ මහත්මිය පත් කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 සැප්තැම්බර් 16 දිනැති අංක 2193/23 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු එස්. එම්. චන්ද්‍රසේන මහතා
(ii) ගරු ඩී. වී. චානක මහතා - පෙත්සම් දෙකයි
(iii) ගරු දිලිප් වෙදආරච්චි මහතා
(iv) ගරු ශාන්ත බණ්ඩාර මහතා
(v) ගරු සම්පත් අතුකෝරල මහතා - පෙත්සම් දෙකයි
(vi) ගරු කුලසිංහම් තිලීපන් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
(i) ගරු සජිත් ප්‍රේමදාස මහතා
උපකාරක පන්ති යළි ආරම්භ කිරීම
අධ්‍යාපන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු අනුර දිසානායක මහතා
නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම
අමාත්‍යාංශ නිවේදන
විදේශයන්හි සිටින ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් යළි මෙරටට ගෙන්වීමේ වැඩසටහන සම්බන්ධයෙන් 2021.01.07 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට කම්කරු අමාත්‍ය, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිළිතුරු සපයන ලදී.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු යදාමිණී ගුණවර්ධන මහතා
තමන්ගේ කථාවේ කොටසක් හැන්සාඩ් වාර්තාවෙහි ඇතුළත් නොවීම සම්බන්ධයෙන්
කල් තැබීමේ යෝජනාව
“රටේ පවතින තත්ත්වය” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1709 ට 2021 ජනවාරි මස 19 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks