පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
අභිනව මන්ත්‍රීවරයන්ගේ නිල ප්‍රතිඥාව හෝ දිවුරුම
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගරු කථානායකතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලදී.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ
A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘B’ : පාර්ලිමේන්තුවේ ගරුත්වය සහ අභිමානය ආරක්ෂා කිරීම
‘C’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ VIII, IX සහ X කොටස් ද, තෙවැනි කාණ්ඩයේ VI කොටස ද සහ නවවැනි කාණ්ඩයේ IV කොටස
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(ii) 2017 සහ 2018 වර්ෂ සඳහා රණවිරු සේවා අධිකාරියේ වාර්ෂික වාර්තා
(iii) 2018 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව හා මූල්‍ය ප්‍රකාශන
(iv) 2018 වර්ෂය සඳහා ජාතික ශ්‍රම අධ්‍යයන ආයතනයේ වාර්ෂික වාර්තාව
(v) 2018 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vi) 2018 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(vii) 2017 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(viii) 2017 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව
(ix) 2015/2016 සහ 2016/2017 වර්ෂ සඳහා ලංකා ලේලන්ඩ් (පුද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා
(x) 2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(xi) 2017 වර්ෂය සඳහා ජාතික මෝස්තර මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(xii) 2018/2019 වර්ෂය සඳහා සීමාසහිත ලංකා පොස්පේට් සමාගමේ වාර්ෂික වාර්තාව
(xiii) 2018 වර්ෂය සඳහා පොල් සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(xiv) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xv) 2018 වර්ෂය සඳහා සංචාරක සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(xvi) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2020 දෙසැම්බර් 30 දිනැති අංක 2208/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
(xvii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 අගෝස්තු 14 දිනැති අංක 2188/50 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xviii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 අගෝස්තු 21 දිනැති අංක 2189/39 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xix) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 සැප්තැම්බර් 03 දිනැති අංක 2191/26 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xx) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 සැප්තැම්බර් 30 දිනැති අංක 2195/29 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxi) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 13 දිනැති අංක 2197/12 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxii) 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වගන්තිය යටතේ විශේෂ වෙළඳ භාණ්ඩ බදු සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2020 ඔක්තෝබර් 26 දිනැති අංක 2199/1 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xxiii) රේගු ආඥා පනතේ (235 අධිකාරය) 10 වගන්තිය යටතේ ආනයන තීරු බදු සම්බන්ධ යෝජනාව
(2020 සැප්තැම්බර් 21 දිනැති අංක 2194/5 දරන අති විශේෂ ගැසට් පත්‍රය)
(xxiv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(xxv) රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු වාසුදේව නානායක්කාර මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු එච්. නන්දසේන මහතා
(iii) ගරු ගයාෂාන් නවනන්ද මහතා
(iv) ගරු අනුප පස්කුවල් මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු මායාදුන්න චින්තක අමල් මහතා
(vi) ගරු මධුර විතානගේ මහතා - පෙත්සම් දෙකයි
(vii) ගරු ඩී. වීරසිංහ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොවිඩ්-19 සඳහා එන්නත
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“ශ්‍රී ලංකා ප්ලාස්ටික් සහ රබර් ආයතනය (සංස්ථාගත කිරීමේ)”
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ජගත් පුෂ්පකුමාර මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ (සේවය සහ වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත
(ii) ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත
(iii) අවම වේතන (ඉන්දියානු කම්කරු) (සංශෝධන) පනත් කෙටුම්පත
(iv) කර්මාන්තශාලා (සංශෝධන) පනත් කෙටුම්පත
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“කහ ගොවීන් ආරක්ෂා කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ඩී. වීරසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1722 ට 2021 ජනවාරි මස 6 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks