E   |     |  

2020 දෙසැම්බර් මස 09 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2019 වර්ෂය සඳහා මහජන බැංකුවේ වාර්ෂික වාර්තාව සහ මූල්‍ය ප්‍රකාශන (1 වන පොත හා 2 වන පොත)

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු පියංකර ජයරත්න මහතා           -    පෙත්සම් දෙකයි
(ii)    ගරු ජයන්ත සමරවීර මහතා             -    පෙත්සම් තුනයි
(iii)    ගරු කේ. කාදර් මස්තාන් මහතා
(iv)    ගරු සම්පත් අතුකෝරල මහතා          -    පෙත්සම් හතයි
(v)    ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා                    
(vi)    ගරු වීරසුමන වීරසිංහ මහතා            -  පෙත්සම් දෙකයි
(vii)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා                    
(viii)    ගරු කේ. සුජිත් සංජය පෙරේරා මහතා                 
(ix)    ගරු දිලිප් වෙදආරච්චි මහතා  
                  
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
විශ්වවිද්‍යාලවලට උපකුලපතිවරු පත්කිරීම

අධ්‍යාපන අමාත්‍ය, ගරු (මහාචාර්ය) ජී. එල්. පීරිස් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පත්කරන ලද කමිටුවේ අතුරු වාර්තාව  පිළිබඳව අධිකරණ අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - දහනව වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 2114 ට 2020 දෙසැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks