E   |     |  

2020 දෙසැම්බර් මස 08 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කාරක සභාපති ගරු අංගජන් රාමනාදන් මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී  ජනරජයේ  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ප‍ළමුවැනි කාණ්ඩයේ VII, VIII සහ IX කොටස් ද, සිව්වැනි කාණ්ඩයේ I සහ III කොටස් ද, පස්වැනි කාණ්ඩයේ III කොටස සහ හයවැනි කාණ්ඩයේ II කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,

•    ‍ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක බස්නාහිර පළාතේ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන්වල කාර්යසාධනය ඇගයීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අ‍ටවැනි කාණ්ඩයේ XI කොටස; සහ
•    කලා විෂය ධාරාව යටතේ අධ්‍යාපනයට නැඹුරුවීමේ ප්‍රවණතාවය සහ කලා උපාධිධාරීන්ගේ රැකියා වියුක්තිය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ XII කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii)    2017 වර්ෂය සඳහා ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iii)    2018 වර්ෂය සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විදුර වික්‍රමනායක මහතා                    
(ii)    ගරු තිස්ස අත්තනායක මහතා                    
(iii)    ගරු කුමාර වෙල්ගම මහතා                    
(iv)    ගරු බුද්ධික පතිරණ මහතා                      -  පෙත්සම් අටයි
(v)    ගරු අමරකීර්ති අතුකෝරළ මහතා                    
(vi)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(vii)    ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා                    
(viii)    ගරු අසංක නවරත්න මහතා                    
(ix)    ගරු නිමල් පියතිස්ස මහතා
(x)    ගරු නිමල් ලාන්සා මහතා                      -  පෙත්සම් දෙකයි
(xi)    ගරු චන්දිම වීරක්කොඩි මහතා                  -  පෙත්සම් දෙකයි    
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොළඹ නගරයේ විදේශ ආධාර මත ක්‍රියාත්මක වන ව්‍යාපෘති ඉදිරියට කරගෙන යෑම

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - දහඅට වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මධ්‍යම කඳුකරයේ පවත්නා ෆයිනස් වගාව ඉවත් කර ඒ වෙනුවට වන වගාවක් ඇති කිරීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු වසන්ත යාපාබණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1926 ට 2020 දෙසැම්බර් මස 9 වැනි බදාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks