E   |     |  

2020 දෙසැම්බර් මස 03 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

කාර්ය මණ්ඩල ප්‍රධානී සහ පාර්ලිමේන්තුවේ නි‌යෝජ්‍ය මහ‌ ලේකම් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා ප්‍ර‍ාදේශීය සංවර්ධන බැංකුවේ වාර්ෂික වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා ජාතික සමාජ සංවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව
(iv)    2018 වර්ෂය සඳහා ලංකා බැංකුවේ වාර්ෂික වාර්තාව
(v)    2016 වර්ෂය සඳහා ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තාව
(vi)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ වාර්ෂික වාර්තාව
(vii)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වාර්ෂික වාර්තාව හා ගිණුම්
(viii)    2015/2016 වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ix)     2016/2017 වර්ෂය සඳහා මාන්තායි සෝල්ට් ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(x)    2017 වර්ෂය සඳහා සී/ස හලාවත වැවිලි සමාගමේ වාර්ෂික වාර්තාව

(xi)    2021 කෙටුම්පත් ඇස්තමේන්තුවල පාඨ ආදියෙහි අංක 2202/25 හා 2020 නොවැම්බර් 20 දිනැති අති ‍විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නිවේදනය පරිදි යෝජිත අමතර වෙනස්කිරීම් ලැයිස්තුව
(xii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ සංචාරක අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විජිත බේරුගොඩ මහතා                    
(ii)    ගරු ඩිලාන් පෙරේරා මහතා                    
(iii)    ගරු වරුණ ලියනගේ මහතා                    
(iv)    ගරු (මේජර්) ප්‍රදීප් උඳුගොඩ මහතා                    
(v)    ගරු ඉසුරු දොඩන්ගොඩ මහතා                    
(vi)    ගරු කිංස් නෙල්සන් මහතා
(vii)    ගරු එම්. ඩබ්ලිව්. ඩී. සහන් ප්‍රදීප් විතාන මහතා                    
(viii)    ගරු තවරාජා කලෙයි අරසන් මහතා                    
(ix)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා       -   පෙත්සම් දෙකයි

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් 2020.12.01 දින ගරු අනුර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට අධිකරණ අමාත්‍ය, ගරු එම්. යූ. එම්. අලි සබ්රි මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - දහහතර වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය නිසා තුවාල ලැබූ හා මරණයට පත් වූ රැඳවියන් සහ බන්ධනාගාරය තුළ කොවිඩ්-19 රෝගය ව්‍යාප්ත වීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මුජිබුර් රහුමාන් මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1927 ට 2020 දෙසැම්බර් මස 4 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks