E   |     |  

2020 දෙසැම්බර් මස 02 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා  ප්‍රජාතාන්ත්‍රික  සමාජවාදී  ජනරජයේ  ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,

•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XX කොටස;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XX කොටස; සහ
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ III, IV සහ V කොටස් ද, තෙවැනි කාණ්ඩයේ III, IV සහ V කොටස් සහ නවවැනි කාණ්ඩයේ III කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව,

•    ජාතික පොහොර සහනාධාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවයන් පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දහවැනි කාණ්ඩයේ XVIII කොටස; සහ
•    මඩකලපු පෞද්ගලික විශ්වවිද්‍යාල විද්‍යායතනය ස්ථාපිත කිරීමේ හා පවත්වාගෙන යාමේ ක්‍රියාවලිය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දහවැනි කාණ්ඩයේ XIX කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iii)    2017 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(iv)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(v)   2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු විදුර වික්‍රමනායක මහතා                    
(ii)    ගරු අනුරාධ ජයරත්න මහතා                    
(iii)    ගරු එස්. වියාලේන්ද්‍රන් මහතා                    
(iv)    ගරු එස්. බී. දිසානායක මහතා                    
(v)    ගරු විජිත හේරත් මහතා        -  පෙත්සම් එකොළහයි
(vi)    ගරු අශෝක ප්‍රියන්ත මහතා                    
(vii)    ගරු ලලිත් එල්ලාවල මහතා                    
(viii)    ගරු අසංක නවරත්න මහතා                    
(ix)    ගරු කුමාරසිරි රත්නායක මහතා       
           
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ශ්‍රී ලංකාව පිළිබඳ ෆිච් ණය ශ්‍රේණිගත කිරීම

මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය, ගරු අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

අමාත්‍යාංශ නිවේදන

“අපේක්ෂිත සුළි කුණාටුවට මුහුණ දීම පිණිස රජය විසින් ගෙන ඇති පියවර” සම්බන්ධයෙන් වාරිමාර්ග අමාත්‍ය සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය, ගරු චමල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

(i)    “ශ්‍රී ලංකා භෞතචිකිත්සක සංගමය (සංස්ථාගත කිරීමේ)”
 
නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු එස්. එම්. මරික්කාර් මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සෞඛ්‍ය අමාත්‍යතුමිය වෙත යොමු කරන ලදී.


(ii)     “විවාහවීමේ අවම වයස”
(iii)    “විවාහ ලියාපදිංචි කිරීමේ (සංශෝධන) ”
(iv)     “සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාට අවසර දෙන ලදී.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 52 (6) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත (ii) සහ (iii)  පනත් කෙටුම්පත් ආරක්ෂක අමාත්‍යවරයා වෙතද, (iv)  පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යවරයා වෙතද යොමු කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

(i)    විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - දහතුන්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

(ii)    ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ නියෝග පහක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 2 සිට 6 දක්වා සඳහන් වන)

සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1818 ට 2020 දෙසැම්බර් මස 3 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks