E   |     |  

2020 නොවැම්බර් මස 27 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ දී ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ සේවය කිරීම පිණිස මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ වැවිලි අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා   -  පෙත්සම් තුනයි
(ii)    ගරු එස්. එම්. මරික්කාර් මහතා                    
(iii)    ගරු සුදත් මංජුල මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ද ෆිනෑන්ස් සමාගමේ තැන්පත්කරුවන් මුහුණ පා ඇති ගැටලු

 

අමාත්‍යාංශ නිවේදන

කොවිඩ්-19 හේතුවෙන් හුදකලා කරන ලද කොළඹ ප්‍රදේශ සම්බන්ධයෙන් 2020.11.24 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට මුදල් අමාත්‍යතුමා වෙනුවෙන් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - නවවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1815 ට 2020 නොවැම්බර් මස 28 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks