E   |     |  

2020 නොවැම්බර් මස 26 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A: නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය තුළ සේවය කිරීම පිණිස සභාපති නාමාවලියට අතිරේක මන්ත්‍රීන් පත් කිරීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව  ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2020 නොවැම්බර් 17 දිනැති අංක 2202/8 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය

(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ  විපක්ෂනායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු අමරකීර්ති අතුකෝරළ මහතා     
              
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වනාන්තර ඉඩම්වල ආරක්ෂාව සම්බන්ධයෙන් 2020.11.19 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා විසින් පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ අසන ලද ප්‍රශ්නයට වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය, ගරු සී. බී. රත්නායක මහතා විසින් පිළිතුරු සපයන ලදී.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් පහත සඳහන් පනත් කෙටුම්පත් ඉදිරිපත් කරන ලදී -

(i)    බුද්ධිමය දේපළ (සංශෝධන) - 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත සංශෝධනය කිරීම සඳහා
(ii)    සාක්ෂි (සංශෝධන) - (14 වන අධිකාරය වූ) සාක්ෂි ආඥාපනත සංශෝධනය කිරීම සඳහා
(iii)    ඇප (සංශෝධන) - 1997 අංක 30 දරන ඇප පනත සංශෝධනය කිරීම පිණිස

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව

විසර්ජන (2021) පනත් කෙටුම්පත - අටවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“නෙළුව - ලංකාගම මාර්ග ප්‍රතිසංස්කරණය හේතුවෙන් සිංහරාජ වන-රක්ෂිතයට සිදුවන හානි” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2020 නොවැම්බර් මස 27 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks