පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ IV, V සහ VI කොටස් ද, සිව්වැනි කාණ්ඩයේ II කොටස ද, පස්වැනි කාණ්ඩයේ II කොටස සහ හයවැනි කාණ්ඩයේ I කොටස
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව, (ආගන්තුක ආක්‍රමණශීලී ශාක මඟින් කෘෂි කර්මාන්තයට හා ජන ජීවිතයට වන බලපෑම) විශේෂ විගණන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ X කොටස පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ප්‍රසන්න රණවීර මහතා
(ii) ගරු රෝහණ දිසානායක මහතා - පෙත්සම් හතරයි
(iii) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ෂාන් විජයලාල් ද සිල්වා මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
කොවිඩ්-19 වසංගත තත්වය සම්බන්ධයෙන් රජයේ වගකීම්
සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන (2021) පනත් කෙටුම්පත - කාරක සභාව
විසර්ජන (2021) පනත් කෙටුම්පත - හත්වැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“මැටි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තකරුවන් මුහුණ පාන ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු ශාන්ත බණ්ඩාර මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1819 ට 2020 නොවැම්බර් මස 26 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks