E   |     |  

2020 නොවැම්බර් මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
‘B’ : පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ අද දින ඇසීමට නියමිතව තිබූ ප්‍රශ්නය පිළිබඳව තීරණය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(ii)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 49(1) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ නිපුණ ඉදිකිරීම් වැඩකරුවන්, ඉදිකිරීම් වැඩබිම් අධීක්ෂකවරුන්, මධ්‍යම මට්ටමේ කාර්මික නිලධරයන් සහ ඉදිකිරීම් කර්මාන්තයේ නියුතු වෙනත් වෘත්තිකයන්ගේ නාමලේඛනය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජුනි 25 දිනැති අංක 2181/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iii)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 48(6) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ ශිල්ප හැඳුනුම්පත් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජූනි 25 දිනැති අංක 2181/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(iv)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 32(5) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ සුදුසුකම්ලත් තැනැත්තන් සඳහා විනය ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජූනි 25 දිනැති අංක 2181/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(v)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 36(1) වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන් සඳහා වන විනය කාර්ය පටිපාටිය සඳහා මාර්ගෝපදේශ  සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජූනි 25 දිනැති අංක 2181/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vi)    2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනතේ 42 වගන්තිය සමඟ කියවිය යුතු එකී පනතේ 58 වගන්තිය යටතේ දේපළ සංවර්ධනකරුවන් ලියාපදිංචිකිරීම  සම්බන්ධයෙන් නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම් අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 ජූනි 25 දිනැති අංක 2181/21 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා                    
(ii)    ගරු ඩලස් අලහප්පෙරුම මහතා                    
(iii)    ගරු වාසුදේව නානායක්කාර මහතා             -   පෙත්සම් දෙකයි
(iv)    ගරු මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා                    
(v)    ගරු බුද්ධික පතිරණ මහතා                     -   පෙත්සම් දෙකයි
(vi)    ගරු අශෝක ප්‍රියන්ත මහතා                    
(vii)    ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2021) - දෙවැනිවර කියවීම (කල් තැබූ විවාදය) (අද දින න්‍යාය පත්‍රයේ  විෂය අංක 1 වශයෙන් සඳහන් වන)
විසර්ජන පනත් කෙටුම්පත (2021) දෙවැනිවර කියවීමේ විවාදයේ සිව්වැනි වෙන් කළ දිනය අදයි.

විසර්ජන පනත් කෙටුම්පත (2021) දෙවැනිවර කියවීම සභාව විසින් සම්මත කරන ලදී. පැවැත්වූ ඡන්ද විමසීමේ දී, එයට පක්ෂව ඡන්ද 151 ක් ප්‍රකාශ වූ අතර විරුද්ධව ඡන්ද 52 ක් ප්‍රකාශ විය.

විසර්ජන පනත් කෙටුම්පත (2021) පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලදී.

 

ශෝක ප්‍රකාශ යෝජනා

රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජනීය නාපාන පේමසිරි නාහිමිපාණන් වහන්සේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව අග්‍රාමාත්‍ය, ගරු මහින්ද රාජපක්ෂ මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1755 ට 2020 නොවැම්බර් මස 23 වැනි සඳුදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2021]

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks