පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පත්වල සහතිකය සටහන් කිරීම
‘B’ : “විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ පළාත් සභා හා පළාත් පාලන අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සීමාසහිත ඊසොෆ්ට් මෙට්රො කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන තොරතුරු තාක්ෂණවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 සැප්තැම්බර් 03 දිනැති අංක 2139/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ සීගිස් කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය සම්බන්ධයෙන් නගර සැලසුම්, ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 සැප්තැම්බර් 20 දිනැති අංක 2141/81 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(iv) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන සංචාරක, සත්කාර සහ සිදුවීම් පිළිබඳ ව්‍යාපාර කළමණාකරණවේදී උපාධිය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 පෙබරවාරි 27 දිනැති අංක 2164/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(v) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය එස්. එල්. ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන පරිසර තාක්ෂණය පිළිබඳ තාක්ෂණවේදී ගෞරව උපාධිය සහ ජෛව පද්ධති ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 පෙබරවාරි 27 දිනැති අංක 2164/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ හොරයිසන් කොලේජ් ඔෆ් බිස්නස් ඇන්ඩ් ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය විසින් ප්‍රදානය කරන අධ්‍යාපනවේදී ගෞරව උපාධිය සහ තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී/තොරතුරු තාක්ෂණ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 පෙබරවාරි 27 දිනැති අංක 2164/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ කාට්සු - හයිලි ඇඩ්වාන්ස් මෙඩිකල් ටෙක්නොලොජි ට්‍රේනින් සෙන්ටර් (ප්‍රයිවට්) ලිමිටඩ් (KIU) ආයතනය විසින් ප්‍රදානය කරන කළමණාකරණ උපායමාර්ග පිළිබඳ ව්‍යාපාර කළමණාකරණපති උපාධිය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 පෙබරවාරි 27 දිනැති අංක 2164/54 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ඉන්ස්ට්ටියුට් ඔෆ් කෙමිස්ට්‍රි, සිලෝන් ආයතනය විසින් ප්‍රදානය කරන රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 මාර්තු 11 දිනැති අංක 2166/14 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු දුමින්ද දිසානායක මහතා - පෙත්සම් තුනයි
(ii) ගරු රෝහණ දිසානායක මහතා - පෙත්සම් තුනයි
(iii) ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
මිනුවන්ගොඩ ‘බ්‍රැන්ඩික්ස්’ පොකුරේ කොවිඩ්-19 ආසාදිතයින් පිළිබඳව
සෞඛ්‍ය අමාත්‍ය, ගරු පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නා ය.
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත සඳහන් පනත් කෙටුම්පත් ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලදී -
(i) විසර්ජන (2020) - 2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැකසීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ
(ii) විසර්ජන (2021) - 2021 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා විධිවිධාන සැලසීම සඳහා ද; ඒ සේවා කාර්යය සඳහා ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැර හෝ ණය ලබා ගැනීමට බලය දීම සඳහා ද; ඒ මුදල් වර්ෂය තුළ ආණ්ඩුවේ ඇතැම් කටයුතු වෙනුවෙන් මූල්‍ය ප්‍රතිපාදන සැලසීම සඳහා ද; එම කටයුතු වෙනුවෙන් ඒ මුදල් වර්ෂය තුළ වියදම් සඳහා අවශ්‍ය වන මුදල් ඒකාබද්ධ අරමුදලින් හෝ ආණ්ඩුවේ හෝ ආණ්ඩුවට සුදුස්සක් කළ හැකි වෙනත් යම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ අත්තිකාරම් වශයෙන් ගෙවීමට ඉඩ සැලසීම සඳහා ද; ඒකාබද්ධ අරමුදලට ඒ මුදල් ආපසු ගෙවීමට විධිවිධාන සැලසීම සහ ඉහත කී කාරණා හා සම්බන්ධ හෝ එයට ආනුෂංගික කාරණා සම්බන්ධයෙන් විධිවිධාන සැලසීම සඳහා ද වූ
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග දෙකක්
සභාව විසින් අනුමත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“පුත්තලම දිස්ත්‍රික්කයේ අලි - මිනිස් ගැටුමට විසඳුම්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මායාදුන්න චින්තක අමල් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1730 ට 2020 ඔක්තෝබර් මස 21 වැනි බදාදා පැය 1000 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks