E   |     |  

2020 සැප්තැම්බර් මස 25 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘B’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘C’ : මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
‘D’ : පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම
‘E’ : අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවල සේවය කිරීම සඳහා නම් කළ මන්ත්‍රීන්
‘F’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම

 

කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2019 වර්ෂය (2019.01.01 – 2019.12.31) සඳහා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ

(ii)    ශ්‍රී  ලංකා  ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ(6) සහ 153ඌ ව්‍යවස්ථා ප්‍රකාරව 2019 වර්ෂයේ සිව්වැනි කාර්තුව සඳහා (2019.10.01 -  2019.12.31) සහ 2020 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2020.01.01 - 2020.03.31) විගණන සේවා කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තා

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2019 වර්ෂය සඳහා මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(ii)    2019 වර්ෂය සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iii)    2019 වර්ෂය සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව
(iv)    2019 වර්ෂය සඳහා ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුවේ කාර්යසාධන වාර්තාව
(v)    2019 වර්ෂය සඳහා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ නගර සැලසුම් සහ ජල සම්පාදන අංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව

(vi)    1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 (3) වගන්තිය සහ 14 වගන්තිය සමග කියවිය යුතු එකී පනතේ 20 වගන්තිය යටතේ මුදල්, ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2020 අප්‍රේල් 16 දිනැති අංක 2171/5, 2020 මැයි 22 දිනැති අංක 2176/19, 2020 ජුනි 30 දිනැති  අංක 2182/10 සහ 2020 ජූලි 16 දිනැති අංක 2184/21 දරන අතිවිශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද රෙගුලාසි
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ජයන්ත සමරවීර මහතා                  -   පෙත්සම් දෙකයි      
(ii)    ගරු සාරතී දුෂ්මන්ත මහතා                  -   පෙත්සම් දෙකයි      
(iii)    ගරු නිමල් පියතිස්ස මහතා

(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ශෝක ප්‍රකාශ යෝජනා

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, අභාවප්‍රාප්ත ගරු ආර්. එම්. කේ. බී. රත්නායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1159 ට 2020 ඔක්තෝබර් මස 6 වැනි අඟහරුවාදා පැය 1000 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks