පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව;
(ii) 2019 වර්ෂය සඳහා මුදල් අමාත්‍යාංශයේ වාර්ෂික වාර්තාව;
(iii) වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2020; සහ
(iv) පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව - 2020
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු සජිත් ප්‍රේමදාස මහතා
අලුතින් රජයේ සේවයට බඳවා ගනු ලැබූ පත්වීම්ලාභීන්ගේ සේවය අවසන් කිරීම
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු ගෙවිඳු කුමාරතුංග මහතා
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වූ පිළිවෙත් හඳුන්වාදීමේ වැඩමුළුවේදී මතු වූ කරුණු සම්බන්ධයෙන්
පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය,
(i) ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 113 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව, නියෝජ්‍ය කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් පහළොස් දෙනෙකුගෙන් (15) සමන්විත විය යුතු ය.
(ii) ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 116 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් නව දෙනෙකුගෙන් (9) සමන්විත විය යුතු ය.
(iii) ගෘහ්‍ය කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 117 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ගෘහ්‍ය කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දහහතර දෙනෙකුගෙන් (14) සමන්විත විය යුතු ය.
(iv) ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දහසය දෙනෙකුගෙන් (16) සමන්විත විය යුතු ය.
(v) මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් විසි තුන් දෙනෙකුගෙන් (23) සමන්විත විය යුතු ය.
(vi) පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 126 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පසුපෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාව, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන ආණ්ඩු පාර්ශවයේ පසුපෙළ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගෙන් (8) සහ විරුද්ධ පාර්ශවයේ පසුපෙළ මන්ත්‍රීවරයන් අට දෙනෙකුගෙන් (8)සමන්විත විය යුතු ය.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-
(i) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය (අතුරු සම්මත ගිණුම)
(ii) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2020 සැප්තැම්බර් මස 8 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks