E   |     |  

2020 අගෝස්තු මස 27 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─
•    2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XVI කොටස;
•    2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXXI කොටස;
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ නවවැනි කාණ්ඩයේ XVII හා XVIII කොටස්;
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXVI කොටස සහ නවවැනි කාණ්ඩයේ XVI, XVII හා XVIII කොටස්;
•    2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXV, XXVI, XXVII හා XXVIII කොටස්,  තෙවැනි කාණ්ඩයේ XIII හා XIV කොටස් සහ නවවැනි කාණ්ඩයේ XIII, XIV, XV, XVI  හා XVII කොටස්; සහ
•    2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ I කොටස

(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දසවැනි කාණ්ඩය - විශේෂ විගණන වාර්තා - VII සහ XI කොටස්

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සහ දීමනා වැඩිකිරීම

 

පාර්ලිමේන්තුවේ සභානායක ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය,

(i)    පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 115 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව, කථානායකවරයා සභාපතිවරයා වූ ද, නියෝජ්‍ය කථානායකවරයා, නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා, පාර්ලිමේන්තුවේ සභානායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා සහ තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන තවත් සාමාජික මන්ත්‍රීවරයන් දහනව දෙනෙකුගෙන් (19) සමන්විත විය යුතු ය.

(ii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය.

(iii)    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 හි විධිවිධානවල කුමක් සඳහන්ව තිබුණ ද, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් විසි දෙදෙනෙකුගෙන් (22) සමන්විත විය යුතු ය.

 

කථානායකතුමාගේ නිවේදනය

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීන් පත් කිරීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් අයිතමයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සහ 2 වශයෙන් සඳහන් වන) සභාවට ඉදිරිපත් කරන ලදී:-

(i)    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනා සම්මතය (අතුරු සම්මත ගිණුම)
(ii)   දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ යෝජනාව

විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2020 අගෝස්තු මස 28 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks