E   |     |  

2020 අගෝස්තු මස 21 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
රැකියා විරහිත උපාධිධාරීන් සඳහා වූ වැඩසටහන

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු දිනේෂ් ගුණවර්ධන මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

තේරීම් කාරක සභාව

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 114හි විධිවිධාන ප්‍රකාරව, නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි  සභාවාරයේ සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව, කථානායකවරයාගේ සභාපතීත්වයෙන් සහ දේශපාලන පක්ෂවල නායකයන් හෝ ඔවුන්ගේ නියෝජිතයන් ද ඇතුළත්ව පාර්ලිමේන්තුව විසින් නම් කරනු ලබන සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනෙකුගෙන් (12) සමන්විත විය යුතු ය යනුවෙන් පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ යෝජනාවකට සභාව එකඟ විය.

තවද, පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවට ද සභාව එකඟ විය;

අද දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, මතු සඳහන් සාමාජික මන්ත්‍රීවරයන් දොළොස් දෙනා (12) නවවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි  සභාවාරයේ  තේරීම් කාරක සභාවේ සේවය කළ යුතුය:-

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා             
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා              
ගරු ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා              
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ගරු ඩලස් අලහප්පෙරුම මහතා
ගරු විමල් වීරවංශ මහතා
ගරු ප්‍රසන්න රණතුංග මහතා
ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා
ගරු ගයන්ත කරුණාතිලක මහතා             
ගරු රවුෆ් හකීම් මහතා                 
ගරු විජිත හේරත් මහතා
ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය

සභාව විසින් අනුමත කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1629 ට 2020 අගෝස්තු මස 27 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks