E   |     |  

2020 ජනවාරි මස 23 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ

A: මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ආඥාව

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

B: ගරු රන්ජන් රාමනායක මහතාගේ හඬ පට සම්බන්ධයෙන්
C: ඒකාබද්ධ වාර්ෂික මහා සභා රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2017 වර්ෂය සඳහා ජනාධිපතිවරයාගේ අරමුදල පිළිබඳ විගණකාධිපතිගේ වාර්තාව
(ii)    2015 වර්ෂය සඳහා මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු සජිත් ප්‍රේමදාස මහතා
කාන්තාවන් දේශපාලනයට සම්බන්ධ වීම සහ සුබසාධන වැඩසටහන්

(ii)    ගරු අනුර දිසානායක මහතා
රජයේ සේවකයින්ගේ සහ විශ්‍රාමිකයින්ගේ වැටුප්

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය, ගරු මහින්ද සමරසිංහ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු රවුෆ් හකීම් මහතා

තමන් පිළිබඳ අසත්‍ය ප්‍රවෘත්ති වාර්තාව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත යටතේ නියමයන් හතරක් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 4 දක්වා සඳහන් වන)
සභාව විසින් අනුමත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“වැවිලි ක්ෂේත්‍රයේ කම්කරුවන්ගේ දෛනික වැටුප්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු අනුරාධ ජයරත්න මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1928 ට 2020 ජනවාරි මස 24 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks