බලන්න

E   |     |  

2019 සැප්තැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු


කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ : ප්‍රශ්නවලට පිළිතුරු දීම සඳහා අමාත්‍යවරුන් නොසිටීම සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සහ ඊයේ දිනයේ සභාව තුළ මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාකලාපය

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i) 2016 වර්ෂය සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ වාර්ෂික වාර්තාව 
(ii) 20‍17 වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ තිස් නවවැනි වාර්ෂික වාර්තාව
(iii) 2017 වර්ෂය සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව
(iv) 2017 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාර්ෂික වාර්තාව

(v) 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ මගීන් හෝ භාණ්ඩ සඳහා වන සියලුම පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් බවට පත් කරමින් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලදුව, 2019 අගෝස්තු 27 දිනැති අංක 2138/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(vi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජි (ගැරන්ටි) ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 අප්‍රේල් 23 දිනැති අංක 2120/6 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(vii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 02 දිනැති අංක 2121/43 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(viii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ එස්.එල්.ටී. කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 02 දිනැති අංක 2121/44 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ කලම්බු ඉන්ටනැෂනල් නෝටිකල් ඇන්ඩ් ඉංජිනියරින් කොලේජ් (ප්‍රයිවට්) ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 02 දිනැති අංක 2121/45 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(x) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි (ප්‍රයිවට්) ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 10 දිනැති අංක 2122/53 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 25අ වගන්තිය යටතේ නැෂනල් ස්කූල් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ලිමිටඩ් උපාධි ප්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනිමින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2019 මැයි 29 දිනැති අංක 2125/47 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය ගුවන්තොටුපල සංවර්ධනය කිරීම සඳහා මහජනතාවගෙන් පවරාගත් ඉඩම් සඳහා වන්දි මුදල් ලබාදීම

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2018 අංක 35 දරන මුදල් පනත සංශෝධනය කිරීම පිණිස ද; විදේශීය වාණිජ ගනුදෙනු අය බද්දක් පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද; ඊට සම්බන්ධ හා ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“මුදල්”

නමැති පනත් කෙටුම්පත ගරු ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1118 ට 2019 සැප්තැම්බර් මස 17 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks