බලන්න

E   |     |  

2019 අගෝස්තු මස 22 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2014 වර්ෂය සඳහා දේශීය ණය සහ සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(ii)    2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව

(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් 2019.06.21 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ තෙවැනි වාර්තාවේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ 2017 වර්ෂයේ කාර්ය සාධනය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු එස්. සී. මුතුකුමාරණ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු  එස්. එම්. චන්ද්‍රසේන මහතා 
              
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න

ගරු (ආචාර්ය) සරත් අමුණුගම මහතා
ඔහු සම්බන්ධයෙන් 2019.08.22 දින සිලෝන් ඩේලි නිව්ස් පුවත්පතේ පළ වූ ප්‍රවෘත්ති වාර්තාව පිළිබඳව

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

මහජන බැංකු (සංශෝධන) පනත් කෙටුම්පත - දෙවැනිවර කියවීම

විවාදයට ගෙන මතු දිනකට කල් තබන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“ගණිත සහ විද්‍යා විෂයයන් හැදෑරීම සඳහා වතුකර පාසල් පිහිටුවීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1821 ට 2019 අගෝස්තු මස 23 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks