පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
‘A’ : ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම්වල පිටපත් ලැබී ඇති බව
‘B’ : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 29(2)(ඈ) වගන්තිය යටතේ අපනයනකරුවන් ලියාපදිංචි කිරීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 අප්‍රේල් 11 දිනැති අංක 2118/60 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝග
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අධ්‍යාපනය සහ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු බුද්ධික පතිරණ මහතා - පෙත්සම් හයයි
(ii) ගරු සුසන්ත පුංචිනිලමේ මහතා - පෙත්සම් තුනයි
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත” සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු (මහාචාර්ය) ආශු මාරසිංහ මහතා
“ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත” පිළිබඳව 2019.08.07 දින සිලෝන් ටුඩේ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්ති වාර්තාව සම්බන්ධයෙන්
කල් තැබීමේ යෝජනාව
“විදේශ රටවල්/විදේශ නියෝජිතායතන සමඟ රජය/රජයේ ආයතන ඇතිකර ගත් ගිවිසුම් සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීම” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු දිනේෂ් ගුණවර්ධන මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1655 ට 2019 අගෝස්තු මස 20 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks