බලන්න

E   |     |  

2019 අගෝස්තු මස 07 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

‘A’ :  පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ශාන්ත බණ්ඩාර මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය
‘B’ :  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව ප්‍රකාරව පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

•    2013 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ X කොටස;
•    2014 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ XIV කොටස;
•    2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXX කොටස, තෙවැනි කාණ්ඩයේ XI සහ නවවැනි කාණ්ඩයේ XII කොටස;
•    2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XXV කොටස, තෙවැනි කාණ්ඩයේ XIII කොටස සහ නවවැනි කාණ්ඩයේ IX, X හා XI කොටස්; සහ
•    2017 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ XIX හා XX කොටස්, තෙවැනි කාණ්ඩයේ VII හා VIII කොටස් සහ නවවැනි කාණ්ඩයේ IV, V හා VI කොටස්

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    20142015 සහ 2016 වර්ෂ සඳහා ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා
(ii)    2016/2017 වර්ෂය සඳහා කහටගහ ග්‍රැෆයිට් ලංකා ලිමිටඩ් හි වාර්ෂික වාර්තාව
(iii)    2015 වර්ෂය සඳහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ලකී ජයවර්ධන මහතා                   
(ii)    ගරු පාලිත කුමාර තෙවරප්පෙරුම මහතා       
        
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න

පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-

(i)    ගරු හර්ෂණ රාජකරුණා මහතා
(ii)    ගරු සී. බී. රත්නායක මහතා
(iii)    ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
(iv)    ගරු අනුර දිසානායක මහතා

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

ගරු ඩග්ලස් දේවානන්ද මහතා
උතුරු සහ නැගෙනහිර පළාත්වල වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම්

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, ගරු (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

කල් තැබීමේ යෝජනාව

“බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ නිරීක්ෂණ” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2019 අගෝස්තු මස 8 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks