පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A: පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2015 වර්ෂය සඳහා ජාතික රක්ෂණ භාර අරමුදලේ වාර්ෂික වාර්තාව
(ii) 2016 වර්ෂය සඳහා සීමාසහිත ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්තයේ වාර්ෂික වාර්තාව
(iii) 2014 වර්ෂය සඳහා සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ ගිණුම්
(iv) 2015 වර්ෂය සඳහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ වාර්ෂික වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vi) 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(vii) 2004 අංක 11 දරන මුදල් පනතේ 26 වගන්තිය සමඟ කියවිය යුතු 22 වගන්තිය යටතේ ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සම්බන්ධයෙන් මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව, 2019 මැයි 14 දිනැති අංක 2123/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(viii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය යටතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත කැළණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ සංස්කෘත හා පෙරදිග ශාස්ත්‍ර අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2018 මැයි 01 දිනැති අංක 2069/16 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(ix) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 20(4)(ආ) වගන්තිය යටතේ ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධරයෙකු පත් කරමින් පළ කරන ලද නියමය 2018 අගෝස්තු 09 දින සිට බලපැවැත්වෙන පරිදි අවලංගු කරමින් නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 පෙබරවාරි 18 දිනැති අංක 2111/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(x) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ වාණිජ පීඨයේ අලෙවි කළමනාකරණ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් යටතේ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජුනි 03 දිනැති අංක 2126/10 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
(xi) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 27(1) වගන්තිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිර්දේශය මත සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ සංගීත පීඨයේ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීමේ අධ්‍යයන අංශයක් පිහිටුවීම සම්බන්ධයෙන් යටතේ නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, 2019 ජුනි 03 දිනැති අංක 2126/11 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියමය
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු මනූෂ නානායක්කාර මහතා
(ii) ගරු ජයන්ත සමරවීර මහතා
(iii) ගරු විජේපාල හෙට්ටිආරච්චි මහතා - පෙත්සම් දෙකයි
(iv) ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
අමාත්‍යාංශ නිවේදන
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු සහ ගරු අග්‍රවිනිශ්චයකාරතුමා හා මහාධිකරණ විනිශ්චයකාරවරයන් අතර හමුව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය, ගරු තිලක් මාරපන මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.
වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්න
ගරු සුසන්ත පුංචිනිලමේ මහතා
තමන් පිළිබඳව වූ අසත්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්
කල් තැබීමේ යෝජනාව
“ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ” පිළිබඳ කල් තැබීමේ යෝජනාව ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1830 ට 2019 ජූලි මස 26 වැනි සිකුරාදා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks