පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2019 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2019.01.01 - 2019.03.31) මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව; සහ
(ii) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) සහ 55(5) ව්‍යවස්ථා ප්‍රකාරව, 2019 වර්ෂයේ පළමුවැනි කාර්තුව සඳහා (2019.01.01 - 2019.03.31) රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ප්‍රගති වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2018 වර්ෂය සඳහා සීමා නිර්ණය කොමිෂන් සභාවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(ii) 2017 වර්ෂය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව
(iii) 2018 වර්ෂය සඳහා ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන වාර්තාව හා ගිණුම්
(iv) 2018 වර්ෂය සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කාර්ය සාධන හා ගිණුම් වාර්තාව
(v) 2017 වර්ෂය සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vi) 2016 වර්ෂය සඳහා පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනයේ වාර්ෂික වාර්තාව
(vii) 2016 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ වාර්ෂික වාර්තාව
(viii) 2016 සහ 2017 වර්ෂ සඳහා දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ වාර්ෂික වාර්තා
(ix) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වාර්ෂික වාර්තාව
කාරක සභා වාර්තා පිළිගැන්වීම
අභ්‍යන්තර පරිපාලන හා රාජ්‍ය කළමනාකරණ පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ගාමිණී ලොකුගේ මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු නිහාල් ගලප්පත්ති මහතා විසින් පිළිගන්වන ලදී.
අග්‍රාමාත්‍යවරයාගෙන් අසනු ලැබූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න තුනක් අසන ලදී:-
(i) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(ii) ගරු අනුර දිසානායක මහතා
(iii) ගරු ඉ. චාල්ස් නිර්මලනාදන් මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
වවුනියාවේ නිවාස යෝජනා ක්‍රමයක කටයුතු සම්පූර්ණ කිරීම
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
අග‍්‍රාමාත්‍යවරයා, අමාත්‍ය මණ්ඩලය ඇතුළු ආණ්ඩුව කෙරෙහි විශ්වාසභංගත්‍වය පිළිබඳ යෝජනාව
විවාදයට ගෙන හෙට දිනට කල් තබන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1740 ට 2019 ජූලි මස 11 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks