බලන්න

E   |     |  

2019 ජුනි මස 28 වැනි දින සභාවේ කටයුතු


නියෝජ්‍ය කථානායක සහ කාරක සභා සභාපති ගරු ජේ. එම්. ආනන්ද කුමාරසිරි මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වාර්ෂික වාර්තාව
(ii)    2017 වර්ෂය සඳහා කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව

(iii)    2018 වර්ෂය සඳහා වාරිමාර්ග ජල සම්පත් හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව

(iv)    2017.07.01 සිට 2017.09.30 දක්වා කාලයට අදාළව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විසින් 2019.01.24 දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද අටවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ පළමුවැනි වාර්තාවේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සම්බන්ධයෙන් සඳහන් කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා

(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 27(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු අනුර දිසානායක මහතා
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්ගේ උසස්වීම්

(ii)   ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය විශ්වවිද්‍යාලයට කළමනාකරණ සහකාරවරුන් බඳවාගැනීම

පාර්ලිමේන්තුවේ සභානායක, ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

ප්‍රදාන පත්‍ර හෝ නීයාදන සාධන පත්‍ර මත රජයේ ඉඩම් දරනු ලබන  පුරවැසියන්ට එම ඉඩම් සඳහා පරම අයිතිය ප්‍රදානය කිරීම සඳහා ද; ඒ හා සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම සඳහා වූ

“රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

සිවිල් ගුවන් සේවා පනත යටතේ නියෝග

සභාව විසින් සම්මත කරන ලදී.

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“දුම්රිය වෘත්තීය සමිති වැඩවර්ජනය” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සිසිර ජයකොඩි මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1424 ට 2019 ජූලි මස 9 වැනි අඟහරුවාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 


මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.






© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks